Wednesday, January 4, 2012

හෝල්ට් එක





                                                         ගොඩ දවසකින් කවියක් දාන්න පුළුවන් වුණා. හැමෝටම මුලින්ම සුභම සුභ අවුරුද්දක් කියලා පතනවා....     ටික කාලයක් කවි ලියැවෙන එක කරන්න බැරිවුණත් කොහොමින් කොහොමින් හරි ඉස්සරහට කවි ලියන්න පුළුවන් වෙයි කියල හිතනවා..  කවිමුතුමල්වල කවි ලියන හැමෝගෙම කවි අදහස් අළුත් වෙන්න කියල පතනවා.ඒ අළුත් වෙන කවි , කවිමුතුමල්වල පල කරන්න කියලත් ඉල්ලා හිටිනවා.....

12 comments:

  1. කවියකින්ම උත්තර ලියන්න හිතුවත් මේ වෙලාවෙ මොනවත් හිතට එන්නෙ නැහැ. ආසිරි මල්ලි ආයෙමත් ආ එක ගැන සතුටුයි....

    හොඳ අදහසක්..ලස්සන රිද්මයක් තියන පද පෙළක්.

    ප.ලි.
    ප්‍රතිපල ගැන අහන්නෙ නම් නැහැ. ඒත් මූණු පොතෙන් හරි කියනවනම් කැමතියි.

    ReplyDelete
  2. "න" යන්නත් එක්ක හෝල්ට් එක මැවිලා පේනවා......

    ReplyDelete
  3. 'වන පිරුන' කිව්වාම එන්නේ වෙනින් අදහසක් නේද? හරිනම් "වණ පිරුණ". තව "කාලගුණ".
    ඇත්තටම කවිය ලස්සනයි. සමහරවිට ඔක්කොම දන්තජ "න" යන්නෙන් ලියන්න උවමනා නිසා අර මම පෙන්නපු වචන එහෙම ලියන්න ඇති. ඒත් ඒහෙම ලියන එක හරිද?
    මම කවි ගැන ඒ තරම්ම දන්නේ නෑ. දන්න අයෙක් වෙතොත් කියලා දෙන්න.

    ReplyDelete
  4. උදෑසන මල් පිපුන
    මහ පාර අසල නැවතුම
    හිරිමල් වයසෙ උන්
    මල් හී සර විදිමින


    නවා තැන් ගෙන මොහොතක්
    ගෙවයි කාලය සෙනෙහසින්
    බස් රිය පැමිණ අතවනමින්
    නැගයති බසිති තුරුළු වෙමින්

    ReplyDelete
  5. ඇනෝ,

    කිවි වරම නොහොත් poetic license ගැන අහල නැද්ද?

    ReplyDelete
  6. අපොයි මල්ලි නැත්නම් කවිමුතු අපට අමතකත් වෙනවා . කොහෙද අය්යෝ නානාප්‍රකාර වැඩනේ. මේ කවි ටික අලුත් අත් හදා බැලීමක් වගෙයි . විවිධ ඉසව් කරා පර්යේෂණ කරන්නට තවත් හැකිවේවා ..කොහොමද කවි පොත . මට මුණු පොතට යන්නත් බැරි වුනා . පණිවිඩය දැක්කා . ලොග් වෙන්න බැරි ප්‍රශ්නයක් .

    ReplyDelete
  7. ඉන්දික උපශාන්ත : ඔබතුමාට බොහෝම ස්තූතියි. අලුත් දෙයක් ඉගෙන ගත්තා :)
    මේ ගැන වැඩිදුර හොයාගෙන යනකොට මම අපූරු ලිපියක් දැක්කා. ඒක ගොඩක් අයට වැදගත් වෙයි කියලා හිතෙන නිසා ලින්ක් එක මෙතන දාන්නම්. ඒක කියවන අය මතක ඇතුව ඒකේ කමෙන්ට් ටිකත් කියවන්න.
    http://webalochana.blogspot.com/2007/08/blog-post_15.html

    ReplyDelete
  8. වෙනස් විදියේ මත්තෘකවක්.

    ජයෙන් ජය..

    ReplyDelete
  9. අසංක දින දින ඔබ ලබන දියුණ ගැන මට දැනෙන සතුට නම් අපමණ ය.

    ReplyDelete
  10. ලකී ලකී මේ අහන්න,
    මේකට පිළිතුරක් දෙන්න,
    කිරිබත්ගොඩ ඉන්නෙ උඔද, බයිට් කෙරුවෙ ඔබාමාව උඔයි මමයි එක්වෙලාද, හඳමාමා කෙනෙක් වගේ වගේ ප්‍රොෆයිල් එක උඔගේමද,සයිබර් යායට එන්නෙ ඉඳලා හිටලා ඒ උඔමද?
    ලකීලාව පැටලිලාය,
    කොල්ලට මඥ්ඤං වෙලාය
    මේ ටික පැහැදිලගි කරලා,
    ඕනෙ දෙයක් කරගනිංය:D

    ReplyDelete
  11. අඩෝ වල බුද්ධියා...තොපි දෙන්නද අර ඇනෝ කොමෙන්ට් දැම්මෙ එහෙනං...පව් අහිංසක ඕනයා...මං කිව්ව ඒවට ඌ තරහත් වෙලාද කොහෙද... :-))

    ReplyDelete
  12. ලස්සනයි ඇ

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................