Thursday, November 29, 2012

ඉර කොහෙද හැංගිලා

 
 
 
 
 
 
මිදුමේ තනියට

චිරි චිරි වැස්ස

වෙනදාට පෙනෙන රතු ගඟ
...

හැංඟිලා කොහෙද දුටුවද

ඉර හැංගිච්ච දවසේ
අළු පාට අහස මට මොකටද

කඩේ යන්නට තිබේ
හැමදාම මග ඇරල කොහොමද

මෙවන් ''සුන්දර'' දවසක
පරණ ටවුමට ගිහින් එන එක

අපොයි මොනතරම් නම් ''මිහිරිද''
 
 
ප. ලි ...
 
මුණු පොතේ දාපු කවි කෑල්ලක් කවිමුතු වල අලවලා දැම්මා

9 comments:

  1. නලින් ....හා හා සහෝ කිව්වේ කවුරු ලීවා කියලද ..ඕක ලිව්වේ මන් ...හි

    ReplyDelete
  2. අපූරු සිතුවිල්ලක් නෙ බින්දි, හරියට හයිකු කවියක් වගේ. පාලුව මැකුවට ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අක්කේ ඔයා නම් මගේ වෙදර් රිපෝර්ට් දකිනවනේ ..හි

      Delete
  3. ලස්සන සිතුවිල්ලක්. සැබෑවටම ලස්සනයි.

    ReplyDelete
  4. හරිම අලංකාරයි නෙව.. මං ආසම මේ වගේ කවි වලට... ඒක නෙමෙයි ඇත්තටම බ්ලොග් පහක් කරන එක ගැන නං ලොකු ආචාරයක් දෙන්නට ඕන.. මට නං ඒ වගේ මූඩ් ගන්න අමාරුයි.. තව එකක් මට මේ චන්දියි බින්දියි ටැපලෙනව නෙව සුට්ටක්..

    ReplyDelete
    Replies
    1. හෙහ්.. ටැපලෙන එක අහන්න දෙයක්යැ.. දෙන්නට පොදු බ්ලොග් තුනක් තියෙන කොට.. අනේ අක්කේ රහස මොකක්ද කියන්නෙ නම් මැනවි

      Delete
  5. පට්ට කවියෝ....පට්ටයි ඔයාගේ කවි හැකියාව කවියෝ....

    ReplyDelete
  6. ඉර හැංගුනාම යන්න හිතයි
    හංදියට
    පරණ කෝට් එකත් දාගෙන
    කොටු කමිසයට උඩින්
    කම්මැලියි

    වියට්නාමේ ඉර හැංගෙනකොට මෙහෙට වැහැලා ගංවතුර.ලස්සනයි කවිය

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................