Tuesday, December 18, 2012

නොසිඳෙනා පත් ඉරුව තමයි ඔබ




එළි නොවන
සිහිනයේ
වරපටින්
දැවටිගෙන 
සිනාසෙන
සිත් විලයි

මැකි යන මිදුමේ
පලා ගොස්
සැඟව යන
කිසිදාක නොමියෙනා
බොඳ නොවන
සිහිනයයි



හුදකලා
බව පිරුණු
සිත්මානයෙන් එපිට
ජීවිතේ සියක් වර
හදවතේ ගැඹුරින්ම
විනි විඳින රාවයයි



මිය ගියද
යම් දිනක
සිතේ ඇති සොඳුරුබව
නොසිඳෙනා
පත් ඉරුව
ඔබ තමයි.

4 comments:

  1. හරිම ලස්සනයි , ගීතයක් වගෙයි නංගී. පුංචි අවවාදයක් දෙන්නම්. එක ලග පොස්ට් දාන්න එපා. සතියක වත් ඉඩක් තියල දාන්න, එතකොට බලන කෙනාට බලාලා කමෙන්ටුවක් දමන්න ලෙහෙසියි. මාත් ඔය වැරැද්ද කලින් කලා. අසංක මල්ලියා තමයි මාවත් දැනුවත් කලේ.

    ReplyDelete
  2. සිත්විලත් සිනාසේ නම් ඉතින්
    බොද නොවන රාවයක වෙළී‍ගෙන
    තවත් ඉසොදුරු සීනයක් කොහිද
    සොදුරු පත්ඉරුව කියවනු මිසෙක..

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................