Saturday, March 21, 2015

දියණියක වෙතින්




මේ තරම් දුක් කඳක් ඉහිළුව නෙතක් අද ඇත වියලිලා
හැම දරුවෙක් තුලම නිදන් කල ආදරය ඇත ගිලිහිලා
නිදයි නුබ සුවෙන් දෙන තුල කුමරියක සේ  වැතිරිලා
අම්මේ නුබෙ පා පියුම් නමදිමි මම උනු කඳුළු සලා

දරු සිව් දෙනෙකුට මව වුණි සසර බැමි ලෙස පෙර බවේ
තවත් දරු කැලකටම මව් වුණි සෙනෙහසම දී මේ බවේ
කියන්නට නම් එමට දේ ඇත නෙතේ කඳුලක් වී තිබේ
ඔබ නිදන දෙස බලා සුසුම්ලමි යලිත් හමුවෙන තුරු බවේ

වියෝවුන පසුව හිමියන් සියලු දරු බර හිසින් දරා
දුකක් නොමදී සැදූ දරුවන් රැක බලා ගති ඔබ සදා
දෙ ඇස් පාදා යහමග කියාදී සියලු දෙන රැක ගෙන සදා
කල මෙහෙය ලියනට මදි මෙලෙස ම'සිත් අහස පුරා

දෝත ගෙන ඔබේ දෑතට ආදරෙන් මා හා දෙඩූ
නිතර දුක සැප සොයා බලමින් මවක ලෙස මා හැදූ
සොයුරියක ලෙස එක්ව ආ මග අපට සෙනෙහස බෙදූ
සොයුරියගෙ මව උනි අද නුඹ මා ගෙ මව නම් නොම වූ

සිනාවෙන් පිරි ඔබේ මුව අග මන්දහාසය පුරවලා
අනූවිය පිරි කෙසඟ සිරුරත අනිත්‍ය මට පෙන්වලා
සැමගේම ආදරය හැරදා ඔබ ගිහින් අ  තනිවෙලා
නිවන් පතමි අම්මේ සෙනෙහෙන් නුඹට  ලංවෙලා 

6 comments:

  1. නිවනට යාවි අම්මල පින් කර ඇති හන්දා..

    ReplyDelete
    Replies
    1. අනේ ඔව් දේශා. අම්මා නම් පින් කදක්. හරියට පින් කරගත්තා, ඒ වාගෙම හරියට දයාව , කරුණාව දන් දුන්නා පවුලට විතරක් නෙවෙයි, තව අයටත්.

      Delete
  2. අක්කේ, හරිම ආදරණීය පද පෙලක්. අම්මලා ලෝකෙටම ආදරය බෙදනවා. දරුවො හදනවා. හැම දරුවෙක්ටම ආදරය දන් දෙනවා සහතිකෙන්ම.

    ReplyDelete
  3. බොහොම ස්තූතියි නංගි. විශේෂයෙන්ම සංවේදී හිතක් තිබුණා ඇයට.

    ReplyDelete
  4. දියණියකගේ හදවත. ඇය කෙබඳු කෙනෙක්දැයි සිතා ගන්න පුළුවන් දියණිය දෙස බලා

    ReplyDelete
  5. ස්තූතියි! නංගි. මගෙ ජීවිතේ බොහොම සංවේදී වුන අවස්ථාවක්. කිසිවෙකුටත් නොදැනී මම විදෙව්වා. ජීවිතේ කවදා හරි මේ මොහොතට අපිට මුහුණ දෙන්න වෙන බව දැන ගෙනත් ඒ මොහොතේ හරියට දුක් වුණා. එහෙම තමා. ඒ, ඒ අම්මාගෙ ආදරය නිසාමයි. සසරේ හමුවූ තවත් මෑණියන් වහන්සේ කෙනෙක් තමා. ස්තූතියි ආයෙත් සංවේදීව ඒ බව තේරුම් ගත්තාට.

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................