Tuesday, May 31, 2016

බිම වට මලක පෙති මත .....







මම සිහිනයෙන් ඇවිදිමි
පරණ මාවත් දිගේ
රොබරෝසියා ගස් යට
වැටි ඇත ..
ඔබගේ නොකී ආලය
මෘදු සුමුදු මල් පෙති මත
ලියා කවි ලෙස
තවමත් පර නොවුණු
ඔබගේ යොවුන් ආලය
ඒ ගස් යටින්
කලබලෙන් දිව ගිය
නොසන්සුන් යුවතිය
මම ..
ආපසු සෙමින් ඒ මග
ඇවිදිමි රිදුණු දෙපයින්
බිදුණු සිත මත අලවමි
අහුලා ඔබෙ පරණ කවි
හදවතේ රිදී සිරුණු
ලේ ගලන තැන් වසමින්


.....නිතර කවියෙන් හැඩවුන පාළුවට ගොස් ඇති කවිමුතු  මල් මතක් වුනා ....

1 comment:

  1. හුඟ කාලෙකට පස්සේ........... ස්තුතියි බින්දි අක්කේ තාමත් කවිමුතුමල් පාළුවෙන්න නොදෙනවට............. කවියේ අැතුලාන්තයේ තියෙන ලස්සන..... කාලය.... අාලය.... මරු දකිද්දි අායෙත් ලියන්න හිතෙනවා... වේලාව කොහොමහරි හොයාගෙන.......

    ReplyDelete

කවි ලියන්නකුට ලැබෙන අදහස්, ප්‍රතිචාර ඔහුට තව තවත් නිර්මාණ කිරීමට පොළඹවනු ලබයි..................