Thursday, March 30, 2017
ගංඟාවේ ගීතය - එච්.එම් කුඩලිගම
කදු බෑවුමක දං බෝවිටි පදුරු තළා
සැඟවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි
එන්නේ කොහි සිටද- කොතැනකටද යන්නේ
විසිරී යන පරිදි රන් සමණලුන් රොඳ
සැපවත් වෙවී රට මැද හිරිකඩ වැස්සෙන්
මහ හඬ දිදී වස්දඩු තාලයට හඬා
හිරිමල් සිනා රැළි පෙණ පිඬු මිහිරිතම
Wednesday, March 29, 2017
කොළඹ ට්රැපික්
කෝට්ටේ ඉඳන්
පිටකොටුවට යාම
ගතවෙන වැඩක්
වේ පැය ගණනක් බෝම
දවසින් භාගයක්
ඉඳ බස් රථයේම
වෙලාවකට වැඩකට
යන්නේ කෝම
පිබිදෙන නමුත්
කුකුළා අත්රුවා ගෙන
වැඩකට යනෙන
විට සැඩ හිරු මුදුන් වෙන
පාර තමයි
වත්මන මළ පනින තැන
කවි ලියවෙනවා
වාහන තදබදය ගැන
මුළුදුර ගමන
එපමණ දුරකුත් නෑනේ
පොඩිදුර ගියත්
ආයෙත් නවතිනවානේ
දූවිලි වැලි
බොරළු හා ගල් කැට ගානේ
ඉබි ගමනින් තමයි දැන් බස් රථ යන්නේ
ප්රශ්නෙට කොපමණක් විසඳුම් දුන්නාට
කොතරම් ගුවන් පාලම් තව හැදුවාට
වාහන වලට බදු වැඩිකර ගැසුවාට
මේ තදබදය පවතියි දිවි පුරාවට
Monday, March 27, 2017
සින්නක්කර හදවත
ඇගේ කෙහෙරැලි අතර දිවයන ඇඟිලි අතරෙහි ඇස් ඔබා
නෙත් අඟින් හෙලනා බැලුම් දැක දියව යයි ගල් හිත් පවා
මොහොතකට කාලයද නැවතුණි මගේ හද ගින්නෙන් දවා
ලියා දෙන්නට සිතුණි හදවත ඔබට සින්නක්කර තබා
Wednesday, March 22, 2017
නිශ්ශබ්දතාවය - ජී.බී. සේනානායක
පස්සට වාරු වී
නිසලව හුන්
ඇගේ ලිහිල්
කෙස් රොදක්
නිහඬව හමන
සුළඟින්
එසවී.......
මා මුහුනෙහි
හැපෙත්ම
ඇගෙ රන්වන්
මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගුකලක්
පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
සිතීමි.....
මසකු හඬනගා දැඟලූයෙන්
ගං ඉවුර දෙස
පන් ගසින් යුත්
නොගැඹුරු බොර දිය
කැළඹිණි...
ඈත ඉවුරෙහි
උසට වැඩුනු
මහ උණ පඳුරින්
අහසට නැගුනු
කොබෙයියෙක්
කෑ ගසාගෙන
පියඹා ගියේය.....
ඉක්බිතිව
මහා නිශ්ශබ්දතාවයක් පැතිරිණ......
ඇගේ රන්වන් දිගටි මුහුණ දෙස
බැලූ මම
ඇසීමට දිගු කලක් පුල පුලා සිටි
කිසිවක් ඇසීමට
යළිත් සිතීමි.....
නිශ්ශබ්ද්තාවය දැඩි විය
පෙදෙස වසා ගෙන පැතිරුනු
නිහඩ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි.
පෙදෙස වසා ගෙන පැතිරුනු
නිහඩ බවින් මිරිකුණු මම
ඇයගේ
රන්වන්
දිගටි
නිසල
මුහුණ දෙස බලා
කරබා ගතිමි.
ජී.බී. සේනානායක
Monday, March 20, 2017
මතකයාය
සමනළ මාවතේ ඇවිද ගියෙමු අපි
නිමක් නොවෙන කතා කලෙමු අපිමතකය පමණක් ඉතිරිව ඇති
ඒ සමනල් විය පසු කර ඇති අපි
ඈත හිම කදු අතර හිරවී
අපේ ආදර බස් දොඩාවීහිම පියල්ලක වැතිර පාවී
ඔබේ මුව මත පිණි ඉසේවී
ඔබේ සුසුමක රැදී සිරවී
මල් පියල්ලක පාවී ඇවිත්කොයි තරම් මට ආදරේ
කළා දෝ ඔබ රහසින් කියාවී
මග බලා හිඳිමු අපි යළිත්
ඒ සොඳුරු සමනළ් වියඑනතුරා දහසක් පැතුම් මල්
පුබුදවා සිත් මල් යාය පුරා
Subscribe to:
Posts (Atom)